පිලිම නෙලිය යුතු නැති කාලකන්නීන්

Posted in kAmps kathaa with tags , , , , , , , , on 2012 ජූනි 20 by Shan

අද ජූනි 20 වෙනිදා, අපිට නම් මේක තවත් එක දවස්ක් උනාට අන්තරයේ ජෙප්පොන්ට නම් මේක ලොකු දවසක්, මොකද අවුරුදු ගාණක් ඉදන් කාලෙන් කාලෙට තමන්ගේ අරමුණු මුදුන් පමුනවා ගැනීමට බිල්ලට දුන්නු ළමයින්ව මරා ගත්තාට පස්සේ ආයේමත් ඔවුන්ව විකුනම් කන්ඩ පුලුවන් දවස්ක් අද එන නිසා.

දැන් නම් අන්තරය සිටින්නේ මරණාසන්නවය, අන්තරයේ බලය දැන් ඇත්තේ පේරාදෙනිය රුහුනේ හා ජ්’පුර පමණි. කාලයකට පසුව අන්තරයට විරුද්ධ සන්ගම් හිස ඔසවමින් තිබේ. දැන් කාලේ ළමයින් මෝඩ නැත, ඔවුන් ලින් මැඩියන් ලෙස තබා ගැනීමට තවදුරටත් අන්තරයට නොහැක. අන්තරයට විරුද්ධව සටන් කිරීමට “ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය” ආරම්භ කල සටනට අප අගය කල යුතුය.

අන්තරයේ රැකවරණය ලබන් අලුගෝසුවන්ගේ නවක වදය දැන් උච්චතම අවස්ථාවට අපට දකින්ඩ ලැබුනි ඒනම් කොලඹ විශ්ව ව්ද්‍යාලයේ කලා අන්ශයේ ඉගෙනුම ලබන් දැරියන් දෙදෙනෙකුට ලින්ගික අතවර සිදුකිරීමයි. මේවා තවත් කොතරම් කාලයක් ඉවසා සිටිනවා දැයි සිතා බැලීමට කාලය පැමිණ ඇත.

අද දවසේ අන්තරය නැවැත්තුවේ නැතිනම්, හෙට දින‍යේ ඔබට, ඔබෙගේ ආදරවන්තියට, මිතුරියට, නැගනි‍යත, දුවට මෙවන් ලින්ගික අතවර සිදුකිරීමට මෙම පාපතරයින් මැලි නොවෙනු ඇත.

අන්තරය නිදහස් අධ්‍යාපණය, දේශපාලන් නිදහස යන කුමක් ගැන කෑගැසුවද, අදුම තරමේ ඉගෙන ගන්නට මුදල් වියදම් තරම් වත්කමක් නැති ළමයින්ට අඩුම තරමේ අදින්නට ඇදුමක් වත් අරන්දී ඇතිදැයි සොයා බැලීම වටී.

විශ්ව විධ්‍යාල සදහා ශිෂ්‍ය් සන්ගම් අවශ්‍යය, එම සන්ගම් සොයා බැලිය යුත්තේ ළමයින්ගේ අවශ්‍යතා හා ඒවා වෙනුවෙන් සටන් වැදීම විනා, මරණාසන්න පක්ෂ වල න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම නොවේ.

මේම දේෂපාලන සම්බන්ධතා මනාවට පැහදිලිවෙන්නේ හිටපු අන්තරයේ කැදවුම්කරු වන උදුල් ප්‍රේමරත්න අද සිතින්නේ කොහෙදැයි බලීමනි.

ළමයින් සිතා බැලිඅ යුත්තේ මහන්සි වී ඉගෙනගෙන විශ්ව විද්‍යාලට ගිය ඔබ මෙවන් අනාගතයක් නැති සන්ගම් වලට එකතුවී තමන්ගේ අනාගතය අදුරු කර ගන්නවාද නැතිනම් හොදින් ඉගෙන ගෙන රටට දැයට වැඩදායි අයෙකු වෙනවාදැයි කියාය

පිලිම නෙලා නැති විරුවන් යැයි අන්තර‍යට කිව යුතු දේ වන්නේ මොවුන් විරුවන් නොව, කාලකන්නි සන්විධානයකට එක්වී තමගේ ජීවිතය කාලකන්නි කරගත් අය බව පමණි

Advertisements

බටහිර විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුවාගේ යාච්ඥාව.

Posted in අන්තර්ජාලයෙන්, කතන්දර, මන් දැකපු දේවල්, kAmps kathaa with tags , , , on 2012 ජනවාරි 15 by Shan

දෙවියනි ලංකාවේ උසස් පෙළ සමත් වූ වහාම මාව සයුරෙන් එතර විශ්ව විද්‍යාලයකට යැවීමට දෙමාපියන්ට මුදල් ලබා දීම ගැන මා ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි

දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා අන්තර්ජාතිකව පිළිගත් විශ්ව විද්‍යාලයකට යොමු කිරීම ගැන මා ඔබට තුති පුදමි

දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් අන්තරයේ තිරිසන් සිසුන් අතින් මා හිංසනයට ලක් වීමට තිබුණි මට එවැනි අවාසනාවක් උදා නොකර දීම ගැන මා ඔබට තුති පුදමි

දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමන විට ඇතිවන කාලකන්නි හැඟීමෙන් මා මුදවාලීම ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි

දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් එහි සිටින හීනමානකාරයන් , දේශපාලන උන කරට ගැසූ පිස්සන්ගේ තෙල් බෙදීම් ඇසීමට සිදුවන කම්පනයෙන්මා ගලවා ගැනීමට ස්තුති වෙමි

දෙවියනි ලංකාවේ උපාධියක් කොට රැකියා නොමැතිව රැකියාවක් ඉල්ලා පිකටින් වර්ජන කිරීමට පාරවල් දිගේ රස්තියාදු කිරීමට නොසලස්වීම ගැන මම ඔබවහන්සේට ස්තුතිය පුදමි.

දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා මගේ ජීවිතය කාලකන්නි නොකොට මට මාර්ගය පෙන්වීම ගැන මම ඔබට අනේකවාරයක් කෘතඥ වෙමි

ආමේන්

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය.

Posted in අන්තර්ජාලයෙන්, මන් දැකපු දේවල්, kAmps kathaa with tags , , , , , on 2012 ජනවාරි 8 by Shan

දකුණු ආසියානු වෛද්‍ය සහ තාක්‍ෂණික ආයතනය (South Asian Institute of Technology and Medicine pvt, Ltd) නමින් පවත්වාගෙන යනු ලබන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍යවේදී සහ ශෛල්‍ය වෛද්‍යවේදී උපාධිය (MBBS) පිරිනැමීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අවසර ලබාදී ඇත. 2011-08-30 දින අංක 1721/19 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මෙම අවසර ලබාදීම සිදු කර තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වැනි සංවිධාන විසින් විරෝධතාවය පල කොට තිබේ. මෙය ලංකාව වැනි පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා නොමිලේ ඉගෙනුමද ඉන්පසු රජය විසින් රැකියාවක් ද ලබා දිය යුතුයි යන මානසිකත්වයේ ගැලී සිටින සමාජයක ස්වභාවික ප්‍රතිචාරයකි. එම නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම යනු බොහෝ විරෝධතාවන්ට මුහුණ දිය යුතු තත්වයකි.

1981 දී රාගම දී ඇරඹූ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සිසු සටන් ඇරඹීම සඳහා හේතු කාරක වූ අතර මෙම ලියුම්කරු ද එවකට විශ්ව විද්‍යාල මගින් මෙහෙයවන ලද සිසු විරෝධතා වලට සහභාගී වී තිබේ. ඉන් දශක 3 පමණ පසු යලි ඇරඹෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කතිකාව කෙරෙහි වඩාත් විචක්ෂණශිලිව බැලීමට මේ දශක තුන අතර කාලයේ සිදු වූ සමාජ වෙනස්වීම්, දේශපාලන අවස්ථාවාදයන්, නොයෙකුත් පාවාදීම් හේතු වී තිබෙන බව පෙන්වා දිය යුතු වේ. 1981 දී ආවේගශීලිව ශිෂ්‍ය (ගිර ) දේශපාලනයක් කල අප දැන් එදාට වඩා අත්දැකීම් ලබා තිබේ. එම නිසා මෙම ගැටලුව දකින්නේ 1981 ළිං මැඩි මානසිකත්වයෙන් නොවේ.

පසුගියදා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අදාළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවන වෛද්‍ය උපාධිධාරීන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ කිසිවකුට වගකිව නොහැකි බවද ඉන් ලෙඩුන්ට සිදුවිය හැකි අයහපත ගැන මුසප්පුව කතා කළේය. මෙය සත්‍ය වශයෙන්ම අපට විස්මය දනවන්නකි. හෙදියක් ඇඟ හැපුනත් ලෙඩුන් වලපල්ලට ගිය ද ඉන් කමක් නැතැයි කියා වර්ජනය කල හැකි වෛද්‍යවරුන් සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හිටි හැටියේම ලෙඩුන් පිළිබඳව මහා කරුණාවක් පහලවී තිබේ. (වෘත්තිය සමිති ගැන නොසිතා නියමිත ලෙස රාජකාරි කරන වෛද්‍යවරුන් ද සිටින බව අප දනිමු.) නමුත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම විරෝධතාවය ලෙඩුන් ගැන මෙත් සිතෙන් ඇති වුවක් බව සිතීමට අසීරු ඔවුන්ගේ අතීත ක්‍රියාකලාපය ජනතාව හොඳින් දන්නා නිසාය. එසේම වර්තමානයේ දී රජයේ රෝහල් වල රෝගීන්ට ගුණාත්මක සේවාවක් ලැබෙන්නේ ද යන්න පිළිබඳව අපට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පෙරළා ඇසිය හැකිය. මේ විරෝධතාවය අනාගතයේ ඔවුන්ගේ වෙළඳපොල ගැන සිතා මතු වූ එකක් මිස පොදුවේ රෝගීන්ගේ හිත සුව පිණිස හෝ රෝගීන්ගේ සෞඛ්‍ය ගැන සිතා ගත් තීරණයක් නොවේ. එය ආත්මාර්ථකාමය මුල් කොට ගත් ප්‍රතික්‍රියාවකි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටකට අගුණද? මෙය මතුපිටින් නොව ගැඹුරින් බුද්ධිමත්ව සලකා බැලිය යුතු ප්‍රශ්නයකි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බොහෝ රටවල තිබේ. එම රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම මගින් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලට තරඟයක් ඇති කොට ඇති අතර මෙම කණ්ඩායම් දෙක වඩාත් ගුණාත්මක සේවයක් රෝගීන් උදෙසා ලබා දීමට උත්සුක වෙති. එසේම බටහිර රටවල වෛද්‍ය කෂේත්‍රයේ නව සොයාගැනීම් සහ සංවර්ධනයන් බොහොමයක් කොට ඇත්තේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල නොව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. මේ නිසා මෙම කරුණ පිළිබඳව අප වඩාත් පළල්ව සිතිය යුතුය. ඉන්දියාව, නේපාලය වැනි අපගේ යාබද රටවල් පවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කොට විදේශ සිසුන් ගෙන්වාගෙන රටට ආදායමක් ලබා දෙති. නමුත් අපගේ රටේ විදේශ අධ්‍යාපනය සඳහා සිසුන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වියදම් කොට පිටරට යති. මෙම තත්වය ගැන අප වඩාත් දුරදිග සිතිය යුතුය.

පෞද්ගලිකරණය සෑම ගැටළුවකටම පිළියමක් නොවේ. පෞද්ගලිකරණය සමහර විට ලංකාව වැනි රට වල වෙනත් ගැටළු මතු කොට තිබේ. උදාහරණයක් ලෙස ගරා වැටී තිබු ලංගමට අතිරේකව පෞද්ගලික ප්‍රවාහන ක්‍රමයක් ඇති කිරීම මගින් මගී ප්‍රවාහනය වඩාත් ප්‍රවර්ධනය වූ නමුදු පෞද්ගලික ප්‍රවාහන සේවය නිසි පාලනයකින් හා විනයකින් බැහැර වීම නිය අයාලේ යන සේවාවක් බවට‍ පත් විය. එම නිසා වෙනත් රටවල් ඉතා සාර්ථකව ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සමග ලාභ ලබන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කොට ඉන් එල නෙලා ගත්තද අපගේ කළමනාකරණ හැකියාවන් වල ඇති දුබලතා හා දේශපාලන ඇඟිලි ගැසීම් නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අයාලේ යන අධ්‍යාපන කඩ වීමේ ඇති සම්භාවිතාවද අප මෙහිදී සිතා බැලිය යුතුය. එම නිසා දේශීය විශ්ව විද්‍යාල මෙන් ඉබාගාතේ යන අධ්‍යාපන ක්‍රමයක් එහිද ඇති වුවහොත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම මගින් අනෙකුත් රටවල් ලබා ඇති ප්‍රතිලාභ ලංකාවට ලබා ගැනීමට අසීරු වනු ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය භාවය අතින් විශාල පිරිහීමකට ලක්වී තිබේ. 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානයටද පත්ව තිබේ. අපගේ විශ්ව විද්‍යාල අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ විශ්ව විද්‍යාල වලටත් වඩා පහලින් සිටින බව නොරහසකි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලය සිටින්නේ කොළඹ විශ්ව විද්‍යාලයටත් වඩා ඉහල 2246 ස්ථානයේ ය. එම නිසා ලංකාවේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලින් ගුණාත්මක හා දක්ෂ පිරිසක් බිහි වන බව කීම විහිළුවකි. යටත් පිරිසෙන් නේපාලයේ මනිපාල් විශ්ව විද්‍යාලයට අද අන්තර්ජාතික වශයෙන් තිබෙන පිළිගැනීම අපගේ කිසිදු වෛද්‍ය විද්‍යාලයකට නොමැත. එම නිසා යම් ලෙසකින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැටලුවකින් තොරව ස්ථාපිත වුවහොත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විශේෂ වැඩ කොටසක් පැවරී තිබේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳව කතිකාව ගැන කරුණු සොයන විට මට 1981 දී රාගම දී ඇරඹූ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුධව සටන් කල එවකට වෛද්‍ය සිසුවෙකු වූ දැනට පෞද්ගලික රෝහලක අධිපතිත්වය දරන දොස්තර මහතෙකු හමු විය. ඔහුගේ රූපාන්තරණය ගැන යම් යම් ගැටළු මට ඇතත් ඔහුගේ අවංකව කරුණු පිළිගැනීමේ ගුණාංගය මගේ ප්‍රසාදයට හේතු විය. ඔහු මට උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව මෙතෙක් බොහෝ දෙන නොදැන සිටි කරුණු අනාවරණය කළේය. ඔහු පෙන්වා දෙන පරිදි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විසින් බිහි කල සුළුතරයක් වූ වෛද්‍යවරු අද ඉතාම ගුණාත්මක සේවයක නිරතව සිටිති. ඔවුන් බොහෝ දෙනෙකු අද විශේෂඥ වෛද්‍යවරුන්ය. සමහරෙකු පිටරට රෝහල් වල විදේශීය විශ්ව විද්‍යාල වල උසස් තනතුරු දරති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පිලිබඳ දන්නා නමුදු ඒ ගැන මුනිවත රකිති. මේ අනුව 1981 දී රාගම දී ඇරඹූ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය බාධාවකින් තොරව අද දක්වා පැවතියේ නම් එය දකුණු ආසියාවේ ප්‍රකට විදේශ සිසුන් පවා ආකර්ෂණය කර ගන්නා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් බවට පත් වීමට තිබුණි. නමුත් මෙම ලියුම්කරු ඇතුළු බොහෝ දෙනෙකු එදා උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙස බැලුවේ වපර ඇසිනි.

උසස් පෙළ සාමාන්‍ය සමර්ථ ලබාගෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පිවිසීමේ වරම ගැන ඇතැමෙකු විශේෂයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තදබල විවේචන කරති. එහෙත් සමහර ස්කැන්ඩිනේවියානු රටවල වෛද්‍ය විද්‍යාල වලට සිසුන් බඳවා ගන්නේ සාමාන්‍ය පෙළ මට්ටමිනි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නොදන්නා නමුත් ඔවුන්ගේ පක්ෂයේ නායක රෝහණ විජේවීර සහෝදරයාද ලුමුම්බාවේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ගියේ සාමාන්‍ය පෙළ සහතිකයෙනි. ජ.වි.පෙ තුල තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල භීතිකාව තේරුම් ගැනීමට අසීරු කරුණකි. දැනටමත් පිටරට පෞද්ගලික විශ්වවිද්‍යාල වල නාමයෙන් මුදල් අයකර ලංකාවේදී පාඨමාලා පවත්වා විදේශීය විශ්වවිද්‍යාල උපාධි පිරිනමන ආයතන මෙරට තිබේ. APIIT, SLIIT, ACBT, ANC වැනි ආයතන මෙසේ නම් කල හැක . පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධව හඬ නගන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට මෙම කරුණ තවමත් වැටහී නැත. මේ හැර ජ.වි.පෙ (පාක්ෂිකයන් දන්නේ නැතත්) වර්තමාන නායක සෝමවංස සහෝදරයාගේ පුත්‍රයාද එංගලන්තයේ ඉගෙනුම ලබන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකය. ඒ පිළිබඳව අපගේ කිසිම විරෝධයක් නැත. එය සෝමවංස සහෝදරයාගේ පුත්‍රයාට ඇති අයිතියකි. එම අයිතිය අනෙකුත් දරුවන්ටද තිබිය යුතුය.

අපගේ තක්සේරුව අනුව යම් ලෙසකින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අනාගතයේ උසස් තත්වයේ වෛද්‍ය විද්‍යාලයක් බවට පත් වුවහොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ඔවුන්ගේ දරුවන්ද මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළු කර ගැනීමට උනන්දු වනු ඇත. එසේම ජ.වි.පෙ නායකයන්ද (එදා පළාත් සභා වලට විරුද්දව කෑ මොර දී පසුව පළාත් සභා වැළඳ ගත්තාක් සේ) ලක්ෂ 70 ක් පමණ ගෙවා තමන්ගේ දරුවන් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළු කර ගැනීමට තැත් කරනු ඇත. මෙය ඔවුන්ගේ වරදක් ලෙස අප නොදකිමු. එය ලංකාවේ දේශපාලන ප්‍රතිරෝධයන්ගේ යථා ස්වභාවයි. අවසාන වශයෙන් විශේෂ කරුණක් සඳහන් කල යුතුය. මෙම ලියුම්කරුගේ වෑයම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නීතිගත කල යුතු බව පැවසීම නොව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව පෙන්වන කරුණු වල නග්න භාවය විචාරශීලී පාඨකයාට පෙන්වා දීමය.

මෙම ලිපිය අප වෙත යොමුකල ගාමිණීට අපගේ ස්තූතිය

Supun Perera | සුපුන් පෙරේරා

අන්තරයේ අවාසනාවට තවත් එක් සත්‍යය කථාවක්.

Posted in කතන්දර, මන් දැකපු දේවල්, kAmps kathaa with tags , , , , on 2012 ජනවාරි 3 by Shan

අන්තරෙ ගජ මිතුරෙක් හා නිදහස් අධ්‍යාපනය ගැන කිබුල් කදුලු හෙලන අනික් සන්විධාණයක් තමා අන්තර් විශ්ව වෛද්‍ය පීඪ ශිශ්‍ය සන්ගමය. මෙයද අන්තරයට දෙවෙනි නැත. එක පසකින් අහින්සක ළමයින්ගේ මොල සෝදන අයියලාය, අනික් පසින් අවුරුදු ගණන් විභාග අසමත් වෙමින් වෙන ළමයෙක්ට වියදම් කරන්ඩ පුලුවන් මුදල් කාබාසිනියා කරනා නයකයින්ය.

මේ දොස්තර කීටයින්ද ඔව්න්ගේ මහ උන් මෙන් හීන් නූලෙන් වැඩේ කර ගැනීමට හා භුතරය නොමග යැවීමටද හොද හැටි දක්ෂයිය. මොවුන් සෑම වසරකම ඔක්තෝම්බර් 23 පවත්වන්නා වු උත්සවය ඇත, උත්සවයක් කීවද එය මලවුන් සිහිකිරීමකි, එනම් අන්තරයේ මෝඩ වැඩ නිසා 1987-1990 වසර් වලදී මියගිය වෛද්‍ය ශිශ්‍යන්ව සිහි කිරීමය.

මෙය සෑම ඖරුද්දකම සිදුවන දෙයක් උවත්, මෙහි යටි කතාව කෞරුත් දන්නේ නැත. සමහර විට සන්ගම් නායකයන් දන්නවා ඇත, නමුත් සිසුන්ටා දැන ගන්ඩ දෙන්නේ නැත. මේ නිසා ළමයින්ද අන්ධයන් සේ මළවුන් වන්දනාවේ යෙදෙති. මලවුන් වන්දනාවක් කීවාට එය හුදෙක් මලවුන් වන්දනාවක් අපණක් නොවේ, මෙයට නවක සිසුන් සහභාගි වීම අනිවාර්ය වේ , එය මෙම් අන්තර් වෛද්‍යපීඪ ශිෂ්‍ය සන්ගමා විසින් තමන්ගේ කාලකන්නි මතයන් තමන්ගේ නවක් සිසුන් හට කාවැද්දීම සදහා කරන්නාවු මලවුන් මාකට් කිරීමකි.

1987-1990 කාලයේදී උතුරු කොලඹ පුද්ගලික් වෛද්‍ය විද්‍යාලය හෙවත් රාගම වෛද්‍ය විද්‍යාලය වැසීමට ගොස් අසරණ දරුවන් 10ක් 12ක් පමණ අකාලයේ ජීවිතයෙන් සමුගත්තේය. ඔවුන් ඝාතනය කල අය අද නිදහස්ය, ඔව්න් ව එම තත්වයට පත් කල අන්තරයේ කාලක්න්නින් අද සාර්ථක දේශපාලකයින්ය. අවසානයේ වැරදුනේ අහින්සක වෙද දරුවන්ට පමණි.

මෙවුන් වන්දනා කරනා අය අතර පලවෙනියන්ම මැරුණායයි සැලකෙන්නේ 1987 දි මිය ගිය ජ’පුර වෛද්‍ය පීඪයේ තෙවන වසර සිසුවාය. සමාවෙන්ඩ මට ඔහුගේ නම නම් අමතකයි, දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්ඩ. කතාව ගෙතන්නේ ඔහු වටාය.

මේ කතාව ආරම්භ වෙන්නේ 1987 මුලදී, එම වසරේ මාර්තු මාසයේ කුරිරු ත්‍රස්ථවාදීන් කලඹ කොටුව බස් නැවතුම පලේ බොම්බ‍යක් පුපුරවා හරින්නේ 100 ගණනකට මරු කැදවමින් හා 200 ගණනකට තුවාල කරමින්ය. මේ හෙතුව නිසා එවකට පැවති රජය ආරක්ෂාව උදෙසා සියලු මැයි පෙලපාලි තහනම් කිරීමෙනි.

රත්වෙන යකඩයට හොද හැටි තැලිය හැකි නිසා ජවිපේ (එවකට ඔව්න් පෙනී සිටියේ වෙනත් නමකිනි. දන්නා අයෙක් සිටීනම් එයද කමෙන්මෙන්ට් එකක් දාන්ඩා) එයින් උපරිම ප්‍රයෝජණය ගැනීමට සිතයි. ඔව්න් කරනේ නීතියද නොසලකා මැයි පෙලපාලියක් සන්විධාණය කිරීමයි. අවාසනාවකට, ජවිපේ බලල් අතක් වන අන්තරයටද මේ නිසා මේ කට සහභාගි විමට සිදු වේ. අහෝ අහින්සක ළමයි සහභාගි නොවුවොත් හොද හැටි ගුටි කෑමට සිදු වෙනා නිසා සහභාගි වේ.මේ අතර අහින්සක වෛද්‍ය සිසුන්ද වෙති. අපි මෙහිදී කතාවෙන සිසුවාද ඒ අතර සිටී.

1987 මැයි 1 වෙනිදා දහවල් 2.05ට ආරම්භවන මෙම මැයි පෙලපාලිය ආරම්භවී කිසි කරදයක් නැතුව අවසන් විය, අවසානයේ මැයි දින රැලිය ආරම්භ විය. ටික දෙනෙක් කතා පැවැත්වු අතර අවසානයේ විසිරයාමට සැරසිනි.

අවාසනාවක මහත, එම අවස්ථාවට පැමිණි පොලීසියෙන් උද්ගෝෂකයිට ලැබෙන්නේ කදුලු ගෑස් හා වෙඩි පිට වෙඩිය. අන්තරයේ කීම අසා අන්තරයට ඇති බිය නිසා එහි පැමිණි අහින්සක සිසුන් හටද අවසානයේ වෙඩි හුවමාරුවට මැදි වීමට සිදුවේ. අවාසනාවක මහත, මෙම වෙඩි තැබීමට අහුවෙන අප කතා නායකයාටද අවසානයේ සිදු වන්නේ වෙඩිකා මිය යාමටය, අවුරුදු 13ක් තිස්සේ මහන්සිවී ඉගෙන ගත් සියල්ල වතුරේය, මවු පියන්ගේ සියලු බලාපොරොත්තු වතුරේය, රටට තවත් සම්පතක් අහිමි විය, ඔහු එදා එයට යාමට අකමැති වෙන්ඩ ඇත, අන්තරයට බයේ අවසානයේ යන්නට ඇත.

නිදහස් අධ්‍යාපනයට කිබුල් කදුලු හෙලන ජවිපේ හා අන්තරයට පින් සිදුවන්නට අවසානයේ තවත් දරුවෙක්ට ඉගෙනීමට තිබූ අවස්ථාව නැති කරනා ලදී. නමුත් විහිලුව මය නොවේ, ඔහු මිය ගියේ මැයි පෙලපාලියකට අන්තරය බලෙන් ගෙන යාම නිසාය, නැතුව නිදහස් අධ්‍යාපණයට සටන් කිරීමට ගොස් නොවේ. නමුත් වෛද්‍ය පීඪ ශිෂ්‍ය සන්ගමයට මෙය තවත් එක මරණයක් පමණි, එනම් නවකයින්ට තමන්ගේ කාලකන්නි අදහස් ආරෝපණයට අවස්ථාවක් පමණි. ඒ නිසා ඔවුන් මෙම සිසුවා පුද්ගලික් වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව සටන් කිරීමට ගොස් දිවි ක් ලෙස මාකට් කරති. නවකයින්ද මොඋ මහා වීරකමක් කල අයෙක් ලෙස කට ඇරගෙන බලා හිදිති.

ඔවුන් මෙලෙස මාකට් කරන්නේ ඔහු පමණක් නොවේ ත්‍රීමාවිතාන ඇතුලු තවත් 10-12 දෙනෙක් පමණ මාකට් කරති. නවකයින්ද ඔව්න්ට මල් දී වදිති. ඔවුන්ව එලෙස නිෂ්පල දේකට සටන් කිරීමට පෙලබවු අය අද ඉහල පෙලේ දේශපාලකයින්ය, ඔවුන්ගේ යහලුවන් අද සාර්ථක වෛද්‍යවරුය, මරපු අය තවමත් නිදහස්ය, අවසානයේ වැරදුනේ කාටද? වැරදුනේ ඔවුන්ටමය, තමන්ව හැදු වැඩු මවුපියන්ට, ඔවුන් ඉපදුනු රටටද තම ණය ගෙවීමට නොහැකිව, අවසානයේ සැමට බරක් වී මිය යාම පමණකි.

මෙය අලුතෙන් විශ්ව විද්‍යාල වලට ඇතුලු වු නවකයින්ටද හොද පාඩමකි.කියන්නා කෙසේ කීවත් අසන්න ඇසිය යුත්තේ සිහිබුද්ධියෙනි. තමට දී තිබෙන මොලය පාවිච්චි කර තමාට හොදක් වෙන්නේ කුමකින්ද, හොදක් නොවෙන්නේ කුමකින්ද කියා සිතා බලා කටයුතු කිරීම වටී. සත්‍යයේ සටහන, බුද්ධියේ විමසුමට.

අන්තරයේ වෛරය හා පුද්ගලික විශ්ව විද්‍යාල

Posted in කතන්දර, මන් දැකපු දේවල්, kAmps kathaa with tags , , , , , , on 2012 ජනවාරි 1 by Shan

අපේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හරිම බුද්දිමත්ය. කොතරම් බුද්දිමත්ද කීවොත්, උපාධි ලබාගෙන එම ක්ෂෙත්‍රයේ උපරිමයට ගිය අයටත් වඩා බුද්දිමත්ය. මුලු රටම පාලනය කරන්ඩ පුලුවන් කියලා තමා ඉතාගෙන ඉන්නේ. නමුත් තවම රටට බරක්ය, ජීවත් වෙන්නේ අම්මලා තාත්තලා මහන්සි වි හම්බ කරන සල්ලි වලින්ය.

මුලුන්ම කියන්ඩ ඕනේ මම මේ ලිපිය ලියන්නේ මුලු මහත් පුද්ගලික විශ්ව විද්‍යාල හා පුද්ගික අධ්‍යාපනය ගැන සලකා මිසක්, පුද්ගලික් වෛද්‍ය විද්යාල ගැන විතරක් කරා කරලා නෙවේ. ඒ ගැන මම පසුව කතා කරන්නම්.

මුලුඉන් ම කියන්ඩ ඕනේ ඕනෑම කෙනෙක්ට සුදුසුකම් තියේ නම් උසස් අධ්‍යාපණය ලබන්ඩ අයිතිය තියෙනවා කියන, ගොඩක් විෂයන් වල නම් S 3ක් තිබිම ප්‍රමාන වත්, වෛද්‍ය වරයෙක් වෙන්ඩ නම් C1 S2 තියෙන්ඩ ඕනේ. ඒ කියන්නේ එම අවම සුදුසුකම් තියෙනවා නම් අපිට ඒ කෙනාට උසස් අධ්‍යාපණය ලබන එක නවත්වන්ඩ කිසිම අයිතියක් නෑ කියන එක හොදට මතක් තිආ ගන්ඩ ඕනි.

ගොඩක් අය කියන දෙයක් තමා මේ සුදුසු කම් ප්‍රමාණවත් මදි කියන එක. නමුත් මේක ලෝකේ පුරාම යොදා ගන්ඩ හේතුවක් තියෙනවා, ඒක තමා කෙනෙක් ගේ දක්ෂතාවය මනින්ද විභාග හොද් ම්මිනුමක් නොවෙන එක. මොකද මේ විභාගේ පැය 3දී මතු නොවෙන දක්ෂයෝ ඉන්ඩ පුලුවන් වීම. කට පාඩම් කරලා ඕනෙම කෙනෙක්ට විභගේ සමත් වෙන්ඩ පුලුවන්, නමුත් ඒ නිසා ඒ කෙනා දක්ෂ්යෙක් වෙන් නෑ.

අනික් කාරනය තමා, ඉගෙන ගත්ත පිරිස රටක වැඩි වෙනවා කියන එක ඒ රටට බරක් නොවෙන එක, උදාහරණයක් ගත්තොත්, කෙනක් ලිපිකරුවෙක් වෙනවාට වඩා කෙනෙක් වෛද්‍යවරයෙක් හරි, ඉන්ජිනේරුවෙක් හරි, ව්‍යවසායක යෙක් වෙන එක් ඒ රටේ දියුණුවට හේතු වෙනවා. මොකද මේ අයගේ අලුත් අදහස්, නිර්මාණ හා ව්‍යපාර හේතු වෙනවා රටේ දියුනුවට. ඒ නිසා රටේ දියිනුවට තෘතීක අධ්‍යාපන්යා ලැබුවන් ගේ ගණන් ඉහල යාම අනිවාර්ය වනවා.

අනික් කියන්ඩ ඕනි කාරනා තමා, අන්තරය, එක වගේ කුහක සන්විදාන ඉදිරිපත් කරන්නේ කතාවේ එක පැත්තක් පමණයි. ඒක නිසා මේ රටේ විශාල පිරිසක් මොඩයන් කිරිමට ඔවුන්ටා හැකිවී තියෙනවා.

විව විද්‍යාල ශිශ්‍යයන් හිතන් ඉන්නේ ඔවුන් සියල්ල දන්නවා කියලා, තමුසෙලා කැම්පස් එකකට ගියා කියලා ඔය තරම් පොරවල්ලා වෙන් නෑ. පොඩ්ඩක් තමුසෙලා ඉන්න ලින් කටින් එලියට විත් බැලුවම තෙරෙනවා තමුසෙලා ඉන්න තැන.

පලවෙනි කාරනාව තමා, නිදහස් අධ්‍යාපනය අපේ රටේ නැතිවෙලා ගොඩක් කල්, වගේ ආයතන මෙරට අධ්‍යාපනය ලබා දීමට පටන් අරන් දැනට දශකයටත් වැඩී. අනික් දේ තමා වගේ රජයේ ආයතන වලින් දැන් මුදලට තෘතීක අධ්‍යාපනය ලබා දෙන්ඩ පටන් අරන් ඉවරයි කියන එක. ඒ නිසා මේ අන්තරය නිකම අහින්සක ළම්යින්ව පාරට බස්සලා කරන වැඩෙන් කිසිම තේරුමක් නැතිවැඩක්.

උන් කරන්නේ උන්ගේ මවු පක්ෂය, දැනට දෂක දෙකකට කලින් මැරුණ සමාජවාදය මේ රටේ ඇති කරන්ඩ හදනවා වගේ තවත් දවල් හීනයක් විතරයි, අන්තරේ නායකයන්ට මේ පක්ෂ වලින් හොදට ගෙවන නිසා අන්තරයද එකම බයිලා එක ආයේ ආයේ කියයි.

අනික් කාරනය නම්, ලන්කාවට වඩා ගොඩක් දුප්පත් රටවල පවා පුද්ගලික විශ්ව විද්‍යාල පටන් අරන් තියෙනවා, ඒවා පටන් අර ගත්තා කියලා ඒ රටවල රාජ්‍ය අධ්‍යාපනයට කිසිම හානියක් වෙලා නෑ කියන එක.

දෙවැනි කාරන‍ය මේ අය කිඅන්නේ අනික් රටවල පුද්ගලික් විශ්ව විද්‍යාල අඩුයි කියන එක, දැනට ලෝකේ තියෙන හොදම විශ්ව විද්‍යාල වන හාවඩ්,  MIT කිසිම එකක් රජයේ විශ්ව විද්‍යාල නෙවේ. ඒවා සේරම පුද්ගලික විශ්ව විද්‍යාල. තියෙන රජයේ විශ්ව විද්‍යාල කිසිම එකක් නිකන් නොමිලේ උගන්නනේ නෑ. රජයේ හැම විශ්ව විද්‍යාලයඉන් ම මුදල් අය කරනවා. හැම දේම ඉපදුන දවසේ ඉදන් නිකම් කලා පුරුදු අපේ රටේ ඉන්න මෝඩ ආතල් ගන්න අයට උසස් අධ්‍යාපන්යත් නිකම් ඉල්ලන් කෑමේ මහා හීනමානී ආෂාව අමුතු දෙයක් නෙවේ.

කෙටියෙන් කීවොත් ලෝකේ කිසිම රටක ආණ්ඩුවකට උසස් අධ්‍යාපනය නිකම් දෙන්ඩ බෑ. ඒක තමා ඇත්ත. ඇමරිකාව වගේ ලෝක බලවතුන්ටක් ඒක නිකම් ලබා දෙන්ඩ බෑ. රාජ‍ය්‍ය විශ්ව විද්‍යාල පමණක් රටේ තියෙනවා නම් එක්කෝ එවගෙන් මුදල් ලබා ගන්ඩ ඕනේ, නැතිනම් තියන විශ්ව විද්‍යාල ටිකෙන් නිකම් අධ්‍යාපණය ලබා දීලා, පුද්ගලික විශ්ව විද්‍යාල වලට අවස්ථාව දෙන්ඩ ඕනේ. දැන් රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් මුදල් අය කරන්ඩ හැදුවා නම් ඔය අන්තරේ ජ්ප්පො මොනවා කියාවිද?

තෙවැනි කාරනාව තමා මේ ජෙප්පො කෑ ගහන කන්නන්ගර මැතිතුමාව විකුණන් කන එක, කන්නන්ගර මැතිතුමා දැන් මරිලා නිසා ජෙප්පොන්ට උත්තරයක් දෙන්ඩ ඔහුට විදිහක් නැත, හිටියානම් පොරි හැලෙන්ඩ දෙනවා නිසැකය.

කන්නන්ගර මැතිතුමා ඒ කාලයේ එම ප්‍රතිපත්ති ගෙනාවේ ළමයින්ට ඉගෙන ගන්ඩ පුලුවන් අවස්ථාව තවදුරටත් වැඩි කරන්ඩ මිසක් අඩු කරන්ඩ නෙවේ. අද මේ අන්තරයේ ජෙප්පො ටික කන්නන්ගර ප්‍රතිපත්තිය ළමයින් කොටසකට ඉගෙන ගැනීම වැලැක්වීමට අවියක් කරගෙන.

කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය මේ රටට ගෙනාවේ ඒක ඒ කාලයේ තිබුන අවශ්‍යතාවයක් නිසා, අපේ රටේ සාක්ෂරතාව වැඩි කරන්ඩ ඕනේ නිසා, දැන් ලන්කවේ සාකෂරතාව මන් හිතන විදිහට 90%ත් පැනලා. කන්නන්ගර ප්‍රතිපත්තිය දැන් දශක පහකටත් වඩා පරනයි, දෙයක් පරන වු පලියට අපිට ඒ දේ එල්ලිලා ඉන්ඩ විදිහක් නෑනේ. හැම දේම කාලයත් එක්ක වෙනස් වෙන්ඩ ඔනේ.

අනික් දේ තමා, පුද්ගලික් අන්ශයෙන් ඉගන ගන්ඩ ගොඩක් සල්ලි ඕනිය කියන කතාව අමූලික බොරුවක්, සෑම පුද්ගලික් විශ්ව විද්‍යාලයකම ළමයින්ට විවිධ ශිශත්ව අවස්තා පිරිනමනවා.

උදාහරණයක් ලෙස SLIIT ආයතනයේ පවත්වන විභාග වලින් ඉහල ප්‍රතිඵ්ල ලබා ගන්නා අයට නොමිලේ ඉගැන්වීම. Batch Top වෙන කෙනා ගෙන් සතයක් වත් අය කරනේ නැත මුලු ඉදිරි කාලයම සම්පුර්ණයෙන් නොමිලේ ඉගෙන ගැනිමට අවස්ථාව ඇත, අනික් පුද්ගලික විශ්ව විද්‍යාල වලද තත්වය එසේමය. දක්ෂයාට කොතැනත් එක හා සමානය, අවශ්‍ය වන්නේ දක්ෂතාවය පමණි.

අනික් දේ කාරනාව තමා සල්ලි කාර ළමයි පුද්ගලික් අධ්‍යාපණය ලබනවා කියන එක. අමතකරන්ඩ එප මේ රටේ තියෙන්නේ නිදහස් අධ්‍යාපණයක් මිසක් නොමිලේ දෙන අධ්‍යාපනයක් නෙවේ කියන එක.

අවම සුදුසුකම තියේ නම් ඒ කෙනාට උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඇත. ඒ කෙනා කොතරම් ධනවත් උවත්, සුදුසුකම් තියේ නම් දුප්පත් ඇයි ‍යැයි කියා ගන්නා සුලු පිරිසකට එම කෙනා උඅසස් අධ්‍යාපනය ලැබීම නවත් වන්නට කිසිම අයිතියක් නැත.

අවශ්‍ය වන්නේ නුසුදුසු පුද්ගලඉන් උසස් අධ්‍යපණය ලැබීම වැලැක්වීමට පියවර ගැනීම හා, පුද්ගලික හා රාජ්‍යය අන්ශයේ ශිශ්‍යයන් දෙකොටසටම තමගේ ආකල්ප, හැකියා හා කුසලතා අනුව රැකියා වලදී සම අවස්ථාව ලබා දීම පමණකි.

එම තත්වය ඇතිකිරීමට රජය පුද්ගලික විශ්ව විද්‍යාල පනතක් ගෙනැවිත් තිබේ. හැම දේටම බල්ලන් මෙන් බුරන අන්තරයේ ඇතුලු විවිද කුහක සන්ගම් වල සහොදරයන් මෙයටද බිරීමට පටන් ගෙන තිබේ, බල්ලන් බිරුවට කදු කඩා පාත් වෙන්නේ නැත, මෙයත් එසේමය. සත්‍යයේ සටහන, බුද්ධියේ විමසුමට.

අන්තරයේ කිරිබත්

Posted in කතන්දර, මන් දැකපු දේවල්, kAmps kathaa with tags , , , , on 2011 දෙසැම්බර් 30 by Shan

මෙය අප වෙත යොමු කල ගාමිණී ට අපගේ ස්තුතිය.

කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් 13 දෙනකුගේ ශිෂ්‍යභාවය අත්තෝනෝමතික ලෙස අහෝසි කළැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී දෙසැම්බර් 29 දින සත්‍යග්‍රාහායක් පැවැත්වීය. මෙම සිසුන් 13 දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කොට ඇත්තේ නවක සිසුන් පිළිගැනීම සඳහා කිරිබත් කෑල්ලක් දුන්න නිසා බව කැලණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ජානක බණ්ඩාර කියයි.

ජානක බණ්ඩාර සිතාගෙන ඇත්තේ මේ රටේ ජනතාව කන්නේ තණකොළ කියා විය යුතුය. අන්තරයේ කිරිබත් ගැන විශ්වවිද්‍යාල සිසුන් පමණක් නොව සාමාන්‍ය මහජනතාවද දැන් හොඳ හැටි දනිති. ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ මළගමට අන්තරයෙන් සිදු කරන සේවය ගැන සිතු විට අපට සිතෙන්නේ අන්තරය යනු ජේවීපියේ නොව එස් බි ගේ අවශ්‍යතාවන් ඉටු කරන කුලී හමුදාවක් ලෙසටය. අද සාමාන්‍ය ගමේ ගොඩේ ජේමිස් අයියලා පවා අන්තරය විශ්වවිද්‍යාල වල සිසුන්ට ඉගෙන ගැනීමට නොදී සිසු අධ්‍යාපනය කඩාකප්පල් කරන බව දනිති.

මේ වසරේ අන්තරයේ කිරිබත් කා අජීර්ණ වූ පිරිස අතරින් කිහිප දෙනෙකු මෙන්න.

1) යටිගල ලොකුගම්මාච්චාරිගේ රජිත් ලක්ෂිත බෙලිගල්ල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පේරාදෙණිය කළා පිඨයට ඇතුළු විය. විශ්ව විද්‍යාලදී අන්තරයේ අයියලා ඔහුට කිරිබත් කවති. ඔහුව ජේෂ්ඨයන් කිහිපදෙනෙකු විසින් රජිත මාක්ස් ප්‍රනාන්දු ශාලාවට ගෙනගොස් නිරුවත්කොට බිම බඩ ගෑමට අණ කරන ලදී. ඉන්පසු ඔහුගේ දෑත් බාල්කයක ගැටගසා පහර ගැසීමකට ලක්ව ඇත. අවසානයේ රජිත කායික මෙන්ම මානසික රෝගියෙක් බවට පත්විය. අද ඔහු විශ්ව විද්‍යාලයට යලි යාම ප්‍රතික්ෂේප කොට තිබේ.

2) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුවියන් තිදෙනෙකු පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු විශ්ව විද්‍යාල වැසිකිළියක් තුලට ගෙන ගොස් ඔවුන්ගේ ඇඳුම් ඉවත් කොට ලිංගික හිංසා පීඩා කරමින් නවක වදය ලබා දී ඇත. ඔවුන්ටද අන්තරේ කිරිබත් යහමින් ලැබුණි.

3) බලපිටියේ වැල්ලවත්තේ පදිංචි වත්සලා කුමුදුනි ද සිල්වා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනයත් ද්විතික අධ්‍යාපනය අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙනුත් සම්පුර්නකොට රුහුණු සරසවියට ඇතුළු විය. එහිදී හීනමානයෙන් සහ ලිංගික නෂ්ටකාමයෙන් පෙලෙන අන්තරයේ ඇත්තන් විසින් ඇයට කුණුහරුප 10 ක් කටපාඩම් කොට ජේෂ්ඨයන්ට ඒවා පාඩම් දීමට බල කළහ. පසුව ඇයව නවකයන්ගේ පෝලිමකට දමා (අන්තරයේ කිරිබත් සමග) ඉස්සරහටත් පසුපසටත් තෙරපන ලදී. මේ හේතුවෙන් වත්සලා කුමුදුනිගේ තුනටිය බිඳුනාය. අද වත්සලා කුමුදුනි ඇවිදින්නේ අමාරුවෙනි.

මෙලෙස දිගින් දිගට අන්තරයේ කිරිබත් නිසා ඉගෙනීමට කැමැත්ත තිබෙන සිසු සිසුවියන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් අවසන් විකල්පය වන්නේ අන්තරයේ අසහනකාරී ජොකියන් නැති පුද්ගලික විශ්ව විද්‍යාල ය. මේ නිසා තව ටික කාලයකින් කිසිම එලදායිතාවක් නැති රාජ්‍ය විශ්ව විද්‍යාල වසා දමා පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන ලෙසට ජනතාව තුලින්ම හඬක් නැගෙනු ඇත. පුද්ගලික විශ්ව විද්‍යාල වලට සල්ලි ගියත් අපේ කොල්ලෝ කෙල්ලෝ පරිසන්නේ යැයි දෙමාපියන් කියනු නිසැකය. පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ හොඳින් ස්ථාවර වූ පසු පුද්ගලික විශ්ව විද්‍යාල හිමිකරුවන් විසින් මෙවැනි රන්මය අවස්ථාවක් ලබා දීම ගැන අන්තරයට සැමදා හඳුන්කුරු පත්තු කර පින් දෙනු ඇත.

අමිල ගුණරත්න (SLG)

අන්තරය නොහොත් විශ්ව ව්ද්‍යාල පිල්ලිය.

Posted in කතන්දර, මන් දැකපු දේවල්, kAmps kathaa with tags , , , on 2011 දෙසැම්බර් 28 by Shan

අපේ රටේ විශ්ව විද්‍යාල යනු උගතුන් බුස්ධිමතුන් බිහි කිරීම සදහා ඇති කරන ලද ස්ථානයකි. උසස් ප්‍රතිඵල වලින් ඉහලින් ම ලකුනු ලබා ගන්නා අය ඇතුලත් වනවා කීවාට, එයට ඇතුලත් වන්නේ සැබෑ උගතුන්ද යන වග නැවතත් සිතා බැලීමට කාලය එලබ ඇත.

අප රටේ විශ්ව විද්‍යාල කාබාසිනියා කිරීමට මුලිකම හේතුව වී ඇත්තේ දෙශපාලුවන්ටත් වඩා JV දේශපාලුවන් යටතේ ක්‍රියාතමක වන මේ අන්තර් විශව විද්‍යාල ශිශ්‍ය බල මන්ඩලයයි කෙටියෙන් කීවොත් අන්තරයයි.

අන්තරේ ඉතිහාසය ගැන් බැලුවොත් එහි ආරම්භයම පවා ලෙයින් ලියවී තිබෙන්නක්. මුලින් අන්තරේට පක්ෂව මෙන්ම විපක්ෂවද සන්ගම් ක්‍රියාත්මක උනත්, අන්තරේට විරුද්ධවු ළමයින් හා ආචාර්ය වරුන් අමු අමුවේ මරා දැමුනු අදුරු අතීතය ගොඩක් අයට අමතකව ගොස්ය.

නිදහස් අඩ්‍යාපන්යේ එකම ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිනා මොවුන් ගේ දෙබිඩි පිලිවෙත ගොඩක් අයට මතක් වෙන්නේ විශ්ව විද්‍යාල වල උද්ඝෝශනයක් යන කාලයෙදීය.

නිදහස් අධ්‍යාපන‍යට පන දීමට මෙන් පෙනී සිටිනා මොවුන් නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමට විශ්ව විද්‍යාල වලට පැමිනෙන අයට පවා නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඉඩ නොදේ. අන්තරේ පිල්ලිය මදිවට, තවත් පිල්ලියක් බවට පත්ව ඇති නවක වදය විශ්ව විද්‍යාල වල ක්‍රියාත්මක වීමට මූලික වී කටයුතු කරනා අලුගෝසුවන් බවට පත්ව ඇත්තේ මේ අන්තර‍ය හා එහි නායකයන්ය.

සුනාමිය නිසා තම නිවස අහිමිවි, පැල්පතක ජීවත් වන, එම පවුල අසරණ් කමෙන් මුදා ගැනීමට සිටි ආභාධිත දැරියට, කිසිදු හිතක් පපුවක් නොමැතිව නවක වදය දීමට කටයුතු කරේ මෙම අන්තරේ‍ය.  එයින්ද නොනැවතන ඔවුන්  2009 වසරේ සබරගමු සරසවියේ ඒවැනි නවක වදය දී අසුවී පන්ති තහනම් වු සිසුන් නැවත විශ්ව ව්ද්‍යාලාට ගන්නා මෙන් ඉල්ලා උද්ඝෝෂණය කිරීමට තරම් විලි ලැජ්ජා නැති වැඩ කිරීමට පවා මෙම අන්තරය සූදානම්ය.

නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනා මොවුන් නිදහස් අධ්‍යාපනය ලැබීමට පැමිනෙන ළමයින් නවක වදය නිසා විශ්ව විද්‍යාල අතහැර යන සිසුන් ගැන කිසිවක් කතා නොකරති. ළමයෙකුට නිදහසේ නවක වද‍ය ගැන කතා කිරීමට පවා නොහැක. එසේ කලහොත් එක්කේ එම ශිෂ්‍යාට හොදහැටි ගුටි කෑමට සිදුවේ, නැතිනම් අල වීමට සිදුවේ.  ආණ්ඩුවේ ශිශ්‍ය මර්ධණය පිලිබන්ධව මහ ඉහලින් කතා කරනා මොවුන්, ඔවුන්ට විරුද්ධ මත දරන සිසුන් මර්ධණයට කිරීමට මහ ඉහලින් කටයුතු කිරීම ඇත්තටම විහිලුවට කරුණකි.

2002 වසරේ (මට හරියටම වර්ෂය මතක නැත 2002-2004 අතර කාලයේ) නවක වද‍යට විරුද්ධව සිසුන් එකතු වී සාදාගත් සන්ගමයේ සභාපතිට අති අමානුෂික ලෙස පහරදී හිසට පරිඝණක තිරයක් අතහැර මරා දැමුයේද මෙම අන්තරය විසිනි.

ඕනෑම මගුලකට පිකටින් යාම අන්තරේ සිරිතය. මොනවා හරි දෙයක් අල්ලගෙන ළමයින් පාරට බහිනවා දැකීම තරම් සතුටක්, ළමයින් ඉගේනීම පසෙකලා කැට හෙල්ලීම, පෝස්ටර් අදිනවා දැකීම තරම් සතුටක් තවත් ඔව්න්ට නැත.උසස්පෙල සිසුන්ටත් පාරට බසින්න කීවේ  ඒ නිආය, ඒ තරම් පහත් අශික්කිත ආශාවකින් ඔවුන් පෙලේ.

මෙවැනි පිල්ලි විශ්ව විද්‍යාල තුල තිබෙන තාක් කල් අපේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් උසස් බුද්ධිමතුන් පිරිසක් බිහි වේ යැයි සැක සහිතය.

අන්තරයක් නැතුව විශ්ව විද්‍යාල පැවතිය නොහැකි බව සිතනා අයට උත්තර දීමට වැඩි ඇතකට යා යුතු නැත. දැනට මේරට ඌව වෙල්ලස්ස සරසවියේ ශ්ශ්‍ය සන්ගම් නැත. එහෙත් ඒවගේ ඉගනීමද නැවතී නැත, එකම වෙනස වන්නේ එය තුල නවක වදය හෝ පිකටින් යාම නැතිවීම පමණකි.

මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල වල ස්න්ගම් පිල්ලි නැත. ඒ වෙනුවට ඒවායේ ඉගනීම් කිසිදු භාධාවක් නැතුව සිදුවේ. අන්තරේ හා මෙරට ශිශ්‍ය සන්ගම් ක්‍රියාත්මක වන්නේ කාගේ උවමනාවකටද යන්න ඒවා තහනම් කරවිට කෑගසනා අයගෙන් හදුනා ගත හැක.

1971-1989 කාලයේදි, අඉන්සක තරුණයන් අතට අයුධ දී කැලෑ වැදීමට පුරුදු කල මේම පක්ෂයේ අ‍යට තරුණයන් ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක්දැයි නැවත නැවත සිතා බැලීමට කාලය එලබ ඇත.

අද අන්තරය පේරාදෙනිය හා, රුහුණ විශ්ව විද්‍යාලයට කොටු වී ඇත. අනෙක් සරසවි වලින් මේවා ඉගින් දිගටම කොන් වෙමින් පවතී. පෙරාදෙනිය මෙඩිකල් ෆැකල්ටියෙන්ද මෙවුන් දැනට මත් කොන් වී හමාරය. 1971-1989 කාලයේ දැක්වු සෙල්ලම් දැන් මොවුන්ට දැක්වීමටැ නොහැක. දැන් සිටිනා සිසුන් ලින් මැඩියන් නෙවේය, ඔව්න් ලොකයේ සිදුවෙන දෙවල් දැකීමට දැන් හැකියාව ඇත. ඔවුන්ට අන්තර්ජාලය ඇත. දැන් ඉතුරු වී සිටිනා ලින් මැඩියන් නිසා අන්තරයක් ඉතිරිවී ඇත. තව ටික කාලයකින් දැනට ඉතුරු ලින් මැඩියන් වදවී යනු ඇත.

අන්තරයට් උදවු කරනා නන්ගිලා මල්ලිලාද ඒ ගැන දෙවරක් සිතා බැලිය යුතුව ඇත. ඔබලා දැනට කාලා ඇදලා ජීවත් වන්නේද, විශ්ව විද්‍යාලයට යන්නේද, ඔබලාගේ අසරණ දෙමව්පියන් ගේ මුදල් නිසාය. මෙවැනි කාලකන්නියන් සමග එකතුවී ඔව්න් මෙන් කාලකන්නීන් වෙනවාද නැතිනම් රටම බබලවන උගතුන් බුද්ධිමතුන් වෙනවාදැයි ඔයාලගේ ඔලුවෙන් හිතලා බලන්ඩ.