Archive for Univer

අන්තරය නොහොත් විශ්ව ව්ද්‍යාල පිල්ලිය.

Posted in කතන්දර, මන් දැකපු දේවල්, kAmps kathaa with tags , , , on 2011 දෙසැම්බර් 28 by Shan

අපේ රටේ විශ්ව විද්‍යාල යනු උගතුන් බුස්ධිමතුන් බිහි කිරීම සදහා ඇති කරන ලද ස්ථානයකි. උසස් ප්‍රතිඵල වලින් ඉහලින් ම ලකුනු ලබා ගන්නා අය ඇතුලත් වනවා කීවාට, එයට ඇතුලත් වන්නේ සැබෑ උගතුන්ද යන වග නැවතත් සිතා බැලීමට කාලය එලබ ඇත.

අප රටේ විශ්ව විද්‍යාල කාබාසිනියා කිරීමට මුලිකම හේතුව වී ඇත්තේ දෙශපාලුවන්ටත් වඩා JV දේශපාලුවන් යටතේ ක්‍රියාතමක වන මේ අන්තර් විශව විද්‍යාල ශිශ්‍ය බල මන්ඩලයයි කෙටියෙන් කීවොත් අන්තරයයි.

අන්තරේ ඉතිහාසය ගැන් බැලුවොත් එහි ආරම්භයම පවා ලෙයින් ලියවී තිබෙන්නක්. මුලින් අන්තරේට පක්ෂව මෙන්ම විපක්ෂවද සන්ගම් ක්‍රියාත්මක උනත්, අන්තරේට විරුද්ධවු ළමයින් හා ආචාර්ය වරුන් අමු අමුවේ මරා දැමුනු අදුරු අතීතය ගොඩක් අයට අමතකව ගොස්ය.

නිදහස් අඩ්‍යාපන්යේ එකම ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිනා මොවුන් ගේ දෙබිඩි පිලිවෙත ගොඩක් අයට මතක් වෙන්නේ විශ්ව විද්‍යාල වල උද්ඝෝශනයක් යන කාලයෙදීය.

නිදහස් අධ්‍යාපන‍යට පන දීමට මෙන් පෙනී සිටිනා මොවුන් නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමට විශ්ව විද්‍යාල වලට පැමිනෙන අයට පවා නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඉඩ නොදේ. අන්තරේ පිල්ලිය මදිවට, තවත් පිල්ලියක් බවට පත්ව ඇති නවක වදය විශ්ව විද්‍යාල වල ක්‍රියාත්මක වීමට මූලික වී කටයුතු කරනා අලුගෝසුවන් බවට පත්ව ඇත්තේ මේ අන්තර‍ය හා එහි නායකයන්ය.

සුනාමිය නිසා තම නිවස අහිමිවි, පැල්පතක ජීවත් වන, එම පවුල අසරණ් කමෙන් මුදා ගැනීමට සිටි ආභාධිත දැරියට, කිසිදු හිතක් පපුවක් නොමැතිව නවක වදය දීමට කටයුතු කරේ මෙම අන්තරේ‍ය.  එයින්ද නොනැවතන ඔවුන්  2009 වසරේ සබරගමු සරසවියේ ඒවැනි නවක වදය දී අසුවී පන්ති තහනම් වු සිසුන් නැවත විශ්ව ව්ද්‍යාලාට ගන්නා මෙන් ඉල්ලා උද්ඝෝෂණය කිරීමට තරම් විලි ලැජ්ජා නැති වැඩ කිරීමට පවා මෙම අන්තරය සූදානම්ය.

නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනා මොවුන් නිදහස් අධ්‍යාපනය ලැබීමට පැමිනෙන ළමයින් නවක වදය නිසා විශ්ව විද්‍යාල අතහැර යන සිසුන් ගැන කිසිවක් කතා නොකරති. ළමයෙකුට නිදහසේ නවක වද‍ය ගැන කතා කිරීමට පවා නොහැක. එසේ කලහොත් එක්කේ එම ශිෂ්‍යාට හොදහැටි ගුටි කෑමට සිදුවේ, නැතිනම් අල වීමට සිදුවේ.  ආණ්ඩුවේ ශිශ්‍ය මර්ධණය පිලිබන්ධව මහ ඉහලින් කතා කරනා මොවුන්, ඔවුන්ට විරුද්ධ මත දරන සිසුන් මර්ධණයට කිරීමට මහ ඉහලින් කටයුතු කිරීම ඇත්තටම විහිලුවට කරුණකි.

2002 වසරේ (මට හරියටම වර්ෂය මතක නැත 2002-2004 අතර කාලයේ) නවක වද‍යට විරුද්ධව සිසුන් එකතු වී සාදාගත් සන්ගමයේ සභාපතිට අති අමානුෂික ලෙස පහරදී හිසට පරිඝණක තිරයක් අතහැර මරා දැමුයේද මෙම අන්තරය විසිනි.

ඕනෑම මගුලකට පිකටින් යාම අන්තරේ සිරිතය. මොනවා හරි දෙයක් අල්ලගෙන ළමයින් පාරට බහිනවා දැකීම තරම් සතුටක්, ළමයින් ඉගේනීම පසෙකලා කැට හෙල්ලීම, පෝස්ටර් අදිනවා දැකීම තරම් සතුටක් තවත් ඔව්න්ට නැත.උසස්පෙල සිසුන්ටත් පාරට බසින්න කීවේ  ඒ නිආය, ඒ තරම් පහත් අශික්කිත ආශාවකින් ඔවුන් පෙලේ.

මෙවැනි පිල්ලි විශ්ව විද්‍යාල තුල තිබෙන තාක් කල් අපේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් උසස් බුද්ධිමතුන් පිරිසක් බිහි වේ යැයි සැක සහිතය.

අන්තරයක් නැතුව විශ්ව විද්‍යාල පැවතිය නොහැකි බව සිතනා අයට උත්තර දීමට වැඩි ඇතකට යා යුතු නැත. දැනට මේරට ඌව වෙල්ලස්ස සරසවියේ ශ්ශ්‍ය සන්ගම් නැත. එහෙත් ඒවගේ ඉගනීමද නැවතී නැත, එකම වෙනස වන්නේ එය තුල නවක වදය හෝ පිකටින් යාම නැතිවීම පමණකි.

මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල වල ස්න්ගම් පිල්ලි නැත. ඒ වෙනුවට ඒවායේ ඉගනීම් කිසිදු භාධාවක් නැතුව සිදුවේ. අන්තරේ හා මෙරට ශිශ්‍ය සන්ගම් ක්‍රියාත්මක වන්නේ කාගේ උවමනාවකටද යන්න ඒවා තහනම් කරවිට කෑගසනා අයගෙන් හදුනා ගත හැක.

1971-1989 කාලයේදි, අඉන්සක තරුණයන් අතට අයුධ දී කැලෑ වැදීමට පුරුදු කල මේම පක්ෂයේ අ‍යට තරුණයන් ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක්දැයි නැවත නැවත සිතා බැලීමට කාලය එලබ ඇත.

අද අන්තරය පේරාදෙනිය හා, රුහුණ විශ්ව විද්‍යාලයට කොටු වී ඇත. අනෙක් සරසවි වලින් මේවා ඉගින් දිගටම කොන් වෙමින් පවතී. පෙරාදෙනිය මෙඩිකල් ෆැකල්ටියෙන්ද මෙවුන් දැනට මත් කොන් වී හමාරය. 1971-1989 කාලයේ දැක්වු සෙල්ලම් දැන් මොවුන්ට දැක්වීමටැ නොහැක. දැන් සිටිනා සිසුන් ලින් මැඩියන් නෙවේය, ඔව්න් ලොකයේ සිදුවෙන දෙවල් දැකීමට දැන් හැකියාව ඇත. ඔවුන්ට අන්තර්ජාලය ඇත. දැන් ඉතුරු වී සිටිනා ලින් මැඩියන් නිසා අන්තරයක් ඉතිරිවී ඇත. තව ටික කාලයකින් දැනට ඉතුරු ලින් මැඩියන් වදවී යනු ඇත.

අන්තරයට් උදවු කරනා නන්ගිලා මල්ලිලාද ඒ ගැන දෙවරක් සිතා බැලිය යුතුව ඇත. ඔබලා දැනට කාලා ඇදලා ජීවත් වන්නේද, විශ්ව විද්‍යාලයට යන්නේද, ඔබලාගේ අසරණ දෙමව්පියන් ගේ මුදල් නිසාය. මෙවැනි කාලකන්නියන් සමග එකතුවී ඔව්න් මෙන් කාලකන්නීන් වෙනවාද නැතිනම් රටම බබලවන උගතුන් බුද්ධිමතුන් වෙනවාදැයි ඔයාලගේ ඔලුවෙන් හිතලා බලන්ඩ.