Archive for අන්තර්ජාලයෙන්

පිලිම නෙලිය යුතු නැති කාලකන්නීන්

Posted in kAmps kathaa with tags , , , , , , , , on 2012 ජූනි 20 by Shan

අද ජූනි 20 වෙනිදා, අපිට නම් මේක තවත් එක දවස්ක් උනාට අන්තරයේ ජෙප්පොන්ට නම් මේක ලොකු දවසක්, මොකද අවුරුදු ගාණක් ඉදන් කාලෙන් කාලෙට තමන්ගේ අරමුණු මුදුන් පමුනවා ගැනීමට බිල්ලට දුන්නු ළමයින්ව මරා ගත්තාට පස්සේ ආයේමත් ඔවුන්ව විකුනම් කන්ඩ පුලුවන් දවස්ක් අද එන නිසා.

දැන් නම් අන්තරය සිටින්නේ මරණාසන්නවය, අන්තරයේ බලය දැන් ඇත්තේ පේරාදෙනිය රුහුනේ හා ජ්’පුර පමණි. කාලයකට පසුව අන්තරයට විරුද්ධ සන්ගම් හිස ඔසවමින් තිබේ. දැන් කාලේ ළමයින් මෝඩ නැත, ඔවුන් ලින් මැඩියන් ලෙස තබා ගැනීමට තවදුරටත් අන්තරයට නොහැක. අන්තරයට විරුද්ධව සටන් කිරීමට “ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය” ආරම්භ කල සටනට අප අගය කල යුතුය.

අන්තරයේ රැකවරණය ලබන් අලුගෝසුවන්ගේ නවක වදය දැන් උච්චතම අවස්ථාවට අපට දකින්ඩ ලැබුනි ඒනම් කොලඹ විශ්ව ව්ද්‍යාලයේ කලා අන්ශයේ ඉගෙනුම ලබන් දැරියන් දෙදෙනෙකුට ලින්ගික අතවර සිදුකිරීමයි. මේවා තවත් කොතරම් කාලයක් ඉවසා සිටිනවා දැයි සිතා බැලීමට කාලය පැමිණ ඇත.

අද දවසේ අන්තරය නැවැත්තුවේ නැතිනම්, හෙට දින‍යේ ඔබට, ඔබෙගේ ආදරවන්තියට, මිතුරියට, නැගනි‍යත, දුවට මෙවන් ලින්ගික අතවර සිදුකිරීමට මෙම පාපතරයින් මැලි නොවෙනු ඇත.

අන්තරය නිදහස් අධ්‍යාපණය, දේශපාලන් නිදහස යන කුමක් ගැන කෑගැසුවද, අදුම තරමේ ඉගෙන ගන්නට මුදල් වියදම් තරම් වත්කමක් නැති ළමයින්ට අඩුම තරමේ අදින්නට ඇදුමක් වත් අරන්දී ඇතිදැයි සොයා බැලීම වටී.

විශ්ව විධ්‍යාල සදහා ශිෂ්‍ය් සන්ගම් අවශ්‍යය, එම සන්ගම් සොයා බැලිය යුත්තේ ළමයින්ගේ අවශ්‍යතා හා ඒවා වෙනුවෙන් සටන් වැදීම විනා, මරණාසන්න පක්ෂ වල න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම නොවේ.

මේම දේෂපාලන සම්බන්ධතා මනාවට පැහදිලිවෙන්නේ හිටපු අන්තරයේ කැදවුම්කරු වන උදුල් ප්‍රේමරත්න අද සිතින්නේ කොහෙදැයි බලීමනි.

ළමයින් සිතා බැලිඅ යුත්තේ මහන්සි වී ඉගෙනගෙන විශ්ව විද්‍යාලට ගිය ඔබ මෙවන් අනාගතයක් නැති සන්ගම් වලට එකතුවී තමන්ගේ අනාගතය අදුරු කර ගන්නවාද නැතිනම් හොදින් ඉගෙන ගෙන රටට දැයට වැඩදායි අයෙකු වෙනවාදැයි කියාය

පිලිම නෙලා නැති විරුවන් යැයි අන්තර‍යට කිව යුතු දේ වන්නේ මොවුන් විරුවන් නොව, කාලකන්නි සන්විධානයකට එක්වී තමගේ ජීවිතය කාලකන්නි කරගත් අය බව පමණි

මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

Posted in අන්තර්ජාලයෙන්, කතන්දර, මන් දැකපු දේවල් with tags , on 2011 අප්‍රේල් 8 by Shan

Karp's dogඔයාලා බලයි කෞද මේ බලු පැටියා. ෂෝක් නේද?මන් හෙන ආස්යි මුට. මු Bull Dog පැටියෙක්. හදන්ඩ නම් අමාරුයි. එත් බලන්ඩකෝ නිදාගෙන ඉන්න ලස්සන. හිහ් ඔයාල ඉතනවා ඇති මන් අද බලු පැටීක් ගැන කතා කරන්ඩ අවා කියලා. අපෝ නෑ.

මන් අද මේ බලු පැටියා ගේ වගයක් බල්ලන්ට ආදරේ මගෙ යාලුවෙක්ට පෙන්න පෙන්න ඉන්නකොට ඇදුන කතාවක් නිසා මට මේක කරන්ඩ හිතුනේ. ඇත්තටම මන් මෙක කරන්ඩ හිතල ගොඩක් කල්. නමුත් අද තමා දාන්ද හිතුනේ.

මේකයි කතාව. මේ බල්ලා අයිති ගොඩක් ජනප්‍රිය කෙනෙට. විශේෂයෙන්ම blog කරන අය අතර ජනප්‍රිය කෙනෙක්. එයාගෙ නම තමා David Karp. මතක් උනාද? එත් නැත්නම් කියන්නම්කො. එයා තමා Tumblr (http://tumblr.com) එකේ ලොක්කා. දැන්නම් මන් හිතනේ එයා කෝටි පතියෙක් ද කොහෙද.

මෙයාගෙ වයස තාම අවුරුදු 24යි, අපි 25 දි කැම්ප්ස් එකෙන් එලිය්ට එනකොට අතේ සතේ නෑ. දෙමවුපියන්ට ණයකාරයො වෙලා. ඒත් මෙයා කෝටි පතියෙක්. මෙයත් මාර්ක් ෂුකර්බර්ග් වගේ කැම්පස් එකෙන් මගදී හැලුන එක්කෙනෙක්.

ඉතින් මායි මගේ යාලුවඉ කතා උනේ ඇයි අපේ රටේ අයට මෙහෙම බැරි කියලා. ඇයි අපෙ රටේ මිනිසුන්ට බැරි එක එක්කෙනා ගේ පස්සේ යන් නැතුව තමන්ට කියලා දෙයක් පටන් ගන්ඩ බැරි?

මන් එයෙ කොලඹ ගියාම ඉයෙත් උපාධි ධාරියො කොලඹ strike එකක. මේ රටේ හොදම මොල. ඇයි මේ වගේ මොල ආණ්ඩුවෙන් රස්සා බලාපොරොත්තු වෙන්නේ?

David Karp විතරක් නෙවේ Bill Gates, Mark Zuckerberg ලත් කැම්පසි එකෙන් මගදි හැලුන අය තමන්ට කියලා දෙයක් පටන් ගන්ඩ. අද බලන්ඩ එයාල නතර උන තැන.

ඔයාලා The Social Network Film එක බැලුවද? එකේ කියනවා ඇමරිකාවේ විශ්ව විDavid Karpද්යාල වල උගන්නනේ, වෙන කෙනෙක් යටතේ වැඩ කරන්වට වඩා තමන්ගේම කියලා දෙයක් පටන් ගන්න එක වටිනවා කියලා. ඇයි මේ රටේ මිනිස්සු  මේ තරම් දීන ජාතියක් උනේ කොහොමද?

මොකුත් ම නැති නම් නැගපන් පොල් ගස්, ලැජ්ජා නැතුව අව්වේ වේලි වේලී strike කර කර ඉන්නැතුව, එකෙ එක්කෙනා ගෙ පස්සෙන් යන් නැතුව.

මේකට අපේ රටේ අධයාපන ක්‍රමෙත් බලපානවා. අපිට පොඩි කාලෙ ඉදන් උගන්නනේ විභාග පාස් වෙන්ඩ, විශ්ව විද්යාලේ යන්ඩ විතරයි.
ගිරවු වගේ පොත් පාඩම් කරනවා ඉවරයක් නෑ. හැමොම රාමුවකට කොටු වෙලා රාමුවෙන් පිට හිතන්ඩ කාටවත් බෑ

මොනවා උනත් ලන්කාවේ මිනිසුන්ට එකක් පුලුවන් කියලා අපි දෙන්නාම එකග උනා. ඒ තමා ලන්කාවේ මිනිසුන්ට දියුනු වෙන මිනිසුන්ගේ කකුලෙන් නම් හොදට පුලුවන් කියන එක.