Archive for random thoughts

මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

Posted in අන්තර්ජාලයෙන්, කතන්දර, මන් දැකපු දේවල් with tags , on 2011 අප්‍රේල් 8 by Shan

Karp's dogඔයාලා බලයි කෞද මේ බලු පැටියා. ෂෝක් නේද?මන් හෙන ආස්යි මුට. මු Bull Dog පැටියෙක්. හදන්ඩ නම් අමාරුයි. එත් බලන්ඩකෝ නිදාගෙන ඉන්න ලස්සන. හිහ් ඔයාල ඉතනවා ඇති මන් අද බලු පැටීක් ගැන කතා කරන්ඩ අවා කියලා. අපෝ නෑ.

මන් අද මේ බලු පැටියා ගේ වගයක් බල්ලන්ට ආදරේ මගෙ යාලුවෙක්ට පෙන්න පෙන්න ඉන්නකොට ඇදුන කතාවක් නිසා මට මේක කරන්ඩ හිතුනේ. ඇත්තටම මන් මෙක කරන්ඩ හිතල ගොඩක් කල්. නමුත් අද තමා දාන්ද හිතුනේ.

මේකයි කතාව. මේ බල්ලා අයිති ගොඩක් ජනප්‍රිය කෙනෙට. විශේෂයෙන්ම blog කරන අය අතර ජනප්‍රිය කෙනෙක්. එයාගෙ නම තමා David Karp. මතක් උනාද? එත් නැත්නම් කියන්නම්කො. එයා තමා Tumblr (http://tumblr.com) එකේ ලොක්කා. දැන්නම් මන් හිතනේ එයා කෝටි පතියෙක් ද කොහෙද.

මෙයාගෙ වයස තාම අවුරුදු 24යි, අපි 25 දි කැම්ප්ස් එකෙන් එලිය්ට එනකොට අතේ සතේ නෑ. දෙමවුපියන්ට ණයකාරයො වෙලා. ඒත් මෙයා කෝටි පතියෙක්. මෙයත් මාර්ක් ෂුකර්බර්ග් වගේ කැම්පස් එකෙන් මගදී හැලුන එක්කෙනෙක්.

ඉතින් මායි මගේ යාලුවඉ කතා උනේ ඇයි අපේ රටේ අයට මෙහෙම බැරි කියලා. ඇයි අපෙ රටේ මිනිසුන්ට බැරි එක එක්කෙනා ගේ පස්සේ යන් නැතුව තමන්ට කියලා දෙයක් පටන් ගන්ඩ බැරි?

මන් එයෙ කොලඹ ගියාම ඉයෙත් උපාධි ධාරියො කොලඹ strike එකක. මේ රටේ හොදම මොල. ඇයි මේ වගේ මොල ආණ්ඩුවෙන් රස්සා බලාපොරොත්තු වෙන්නේ?

David Karp විතරක් නෙවේ Bill Gates, Mark Zuckerberg ලත් කැම්පසි එකෙන් මගදි හැලුන අය තමන්ට කියලා දෙයක් පටන් ගන්ඩ. අද බලන්ඩ එයාල නතර උන තැන.

ඔයාලා The Social Network Film එක බැලුවද? එකේ කියනවා ඇමරිකාවේ විශ්ව විDavid Karpද්යාල වල උගන්නනේ, වෙන කෙනෙක් යටතේ වැඩ කරන්වට වඩා තමන්ගේම කියලා දෙයක් පටන් ගන්න එක වටිනවා කියලා. ඇයි මේ රටේ මිනිස්සු  මේ තරම් දීන ජාතියක් උනේ කොහොමද?

මොකුත් ම නැති නම් නැගපන් පොල් ගස්, ලැජ්ජා නැතුව අව්වේ වේලි වේලී strike කර කර ඉන්නැතුව, එකෙ එක්කෙනා ගෙ පස්සෙන් යන් නැතුව.

මේකට අපේ රටේ අධයාපන ක්‍රමෙත් බලපානවා. අපිට පොඩි කාලෙ ඉදන් උගන්නනේ විභාග පාස් වෙන්ඩ, විශ්ව විද්යාලේ යන්ඩ විතරයි.
ගිරවු වගේ පොත් පාඩම් කරනවා ඉවරයක් නෑ. හැමොම රාමුවකට කොටු වෙලා රාමුවෙන් පිට හිතන්ඩ කාටවත් බෑ

මොනවා උනත් ලන්කාවේ මිනිසුන්ට එකක් පුලුවන් කියලා අපි දෙන්නාම එකග උනා. ඒ තමා ලන්කාවේ මිනිසුන්ට දියුනු වෙන මිනිසුන්ගේ කකුලෙන් නම් හොදට පුලුවන් කියන එක.

මෙය බලන්න. රූපය මන් වෙනුවට ඔබට කතා කරාවි

Posted in ක්‍රිකට්, මන් දැකපු දේවල්, Sports with tags , , on 2011 අප්‍රේල් 4 by Shan

යාලුවනේ මට අද උදේ email වලින් මේ ඡායාරූපය මගෙ යාලුවෙක් එවා තිබුනා. ඒක් දැක්කම මට හිතුනේ පුදුම ආඩම්බරයක් දැනුනේ. ඔයාලත් ඒක බලන්ඩකො.
මට කියන්ඩ දෙයක් නෑ රූපය ඔබට කතාකරාවි.

proud to be  sri lankanමේක මෙහෙම වෙනකොට මේ රටේ අවාසනාවට ඉපදුන සමහර අය අපි තරගේ මුදලට පාවා දුන්නා වගේ කියන කතා අහන්ඩ ලැබුනා. අපි වැරදි කරා අවසන් තරගේ, ටිකක් නෙවේ ගොඩක්. අපිට දිනන්ඩ තිබුනා.  ඒ අපි ඒ දවසේ ක්‍රීඩා කරපු විදිහ හරි නෑ. නැතුව මුදලට තරගේ කවෘත් පාවා දුන්නේ නෑ.

හැමදාම ජයග්‍රහණයේ දී හා පරාජයේදී අපි ඔව්න් සමග සිටියා වගේ ඉදිරියටත් අපේ වීරයන් සමග ඉමු.

කෝ දැන් අර මහේල තරගේ මුදලට පාවා දුන්නා කියලා ස්වාධීන නැති රූපවඉනියේ කීව මී හරකා? 😡

මේ තරම් රැග් කන්ඩ කැමති අය ඉන්නවා කියලා අදයි මන් දන්නේ

Posted in මන් දැකපු දේවල්, kAmps kathaa with tags , , on 2011 මාර්තු 26 by Shan

colombo university ඇත්තටම මන් දැනගේන් හිටියේ නෑ ලන්කවේ මේ තරම් රැග් වලට කැමති කියලා, මගේ පොස්ට් එකට අපු comments වලින් පේනවා. නමුත් මන් ඒ කීවේ රැග් ගැනමගේ අදහස මිසක් රැග් ගැන විවරනයක් කරන එක නෙවේ. ඔනි කෙනෙක්ට තමන්ට ඔනී අදහසක් දරන්ද මේ රටේ තාම පුලුවන් කියලා මන් හිතනවා.

බලපුවම දැන් රැග් වලට ලන්කාවේම විරුද්ධ මන් විතරද කොහෙද. කමක් නෑ ඉතින්, ඔය තරම් රැග් වලට අසා නම් ඉතින් මන් මොනා කරන්ඩද?

අනික් ෆකල්ටි ගැන නම් මන් දන් නෑ. මන් කියන්නේ අපේ ෆැකල්ටියේ වෙන දෙවල් ගැන. එ කියන්නේ මෙඩිකල් ෆැකල්ටියේ.

අපේ ෆැකල්ටි එකට ලන්කවේ හැම පැත්තෙන්ම එනවා, ගොඩක් දුර පැති වලිනුත්. කොලඹ නුවර වවෙ පැති වලින් එන්නේ A3 ට ලන් වෙන්ඩ දාපු අය, ඈත පැති වලින් එන්නේ වෙන පැත්තකින් ARTS කරත් ARTS ෆැකල්ටි එන්ඩ වෙන් නැති තරමේ අඩු results දාපු අය.

රැග් කලෙදි අපි දකින් දේ තාමා මේ දුර පැති වලින් ආපු අයත තමා අනික් අයව රැග් කරන්ඩ පුදුම අසාවක් තියෙන්නේ. විශේෂයෙන්ම අර කොලඹ වගේ පැති වලින් අපු අයව රැග් කරන්ඩ. මොකද  උන් හොද ප්‍රතිඵල අරන් එන හොදට කාලා බීලා ඉන්න අය නිසා පෙන්නන්ඩ බෑ නිසා.

තනිකරම තියෙන්නේ ඊර්ෂයාවක් විතරයි, අකින් අයගෙ සැප ඉවසන්ඩ බැරිකම. නැතුව උන්ට මේ වෙන වෙන දෙවල් උගන්නන්ද සින්නන්ට තියෙන අසාව නෙවේ. කොලඹ නුවර පැති වලින් අව අය අපේ නම් අනුන් ව රැග් කරන්ඩ යන් නෑ

  • මේ වගේ හීන මානෙන් පෙලෙන අයට.
  • උන්ට හොදට ඉන්ග්‍රීසි කතා කරන ළමයි ව පෙන්ඩ බෑ.
  • හොද පව්ල් වලින් අව අය පෙන්ඩ බෑ. හොදට අදල කරල ඉන්න අයව පෙන්නන්ඩ බෑ.
  • ඇහැට කනට පේන ගෑණු ළමයෙක් පෙන්ඩ බෑ (අපේ ෆැකල්ටියේ නම් එක අඩුයි ගොඩක් එ අතින් නම්)

අපි කැම්පස් යන්ඩ යනකොට, ඔය නවක වදේ තදින්ම තියෙන ෆැකල්ටි වල ඉන්න අයියලා අක්කලා කීවේ අය කෙවේ.
“මල්ලී අම්ම මොනාද කර්න්නේ ඇහුවොත් රස්සාවක් නෑ කියන්ඩ, තාත්තා ගැන අහුවොත් ක්ලාක් කෙනෙක් කියලා කියන්ඩ”

“ඉන්ග්‍රීසි බැරි ගානට ඉන්ඩ”

“හොදට ඇදල යන්ඩ එපා, ගොන් පාර්ට් එකට ඇදල යන්ඩ”

ඔන් ඔව තමා කීවේ, හමොම රැග් වෙන එක ඇත්ත, න්මුත් මේ වගේ ඉන්න අයට තමා රැග් එක දරුනුම. රැග් එකේ ඔය කියන තරම් හොද නම් එක දිගටම වෙන්ඩ දෙනවනේ, එහෙම හොදක් ව්වෙනව නුම් අපිත් කමති රැග් එක තියෙනවට, නමුත් එහෙම හොදක් වෙන් නෑ. එක තමා ඇත්ත.

මන් කියන් නෑ කොලඹ පැති වලින් එන හැමෝම හොදයි කියලා වත්, දුර පැති වලින් එන අය නරකයි කියල වත්, පොදුවෙ ගත්තොත් ඔකයි වෙන දේ. රැග් එක ගැන් මගේ මතේ නම් රැග් එක කියන්නේ හීන මානයෙන් ඉන්න පිරිසක් තමන්ගේ හීනමානය වෙන්ත් අයව හීනමාන තත්වෙත පත් කර ගන්ඩ කරන උත්සහයක්.

සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ

රජකම ගන්න රජ ගෙදරට ගියැයි සිතූ

අම්මා දනී නම් මේ සරසවියේ තතූ

ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ – ( රුහුණු විශ්ව විද්‍යාලයේ Gym ආපනශාලාවේ ලියා ඇත )

මෙක මගෙ පුද්ගලෙක අදහස විතරයි. අනික මන් මෙ කීවේ අපෙ ෆැකල්තියේ වෙන දේ, අපිට අනික්  ෆැකල්ටි ගැන හොයනවාට වඩා වෙන වැඩ තියෙනව කරන්ඩ. ඒ නිසා එවගෙ වෙන්නේ කොහොමද කියල මන් දන් නෑ කියන්ඩත් කමති කට්ටිය මට බනින්ඩ පටන් ගන්ඩ කලින්.

අදරේ කිරීමට ඇති නිදහස ලබා දෙන්ඩ

Posted in කතන්දර, මන් දැකපු දේවල් with tags , , on 2011 මාර්තු 25 by Shan

lovingමායි මගේ ගැණු ළමයයි නිතර යන තැනක් තමා Colombo Excel World , ඔන්න දවසක් මේ ලගදි අපි දෙන්නා ගියා දවල්ට කන්ඩ, කෑම නම් ටිකක් ගනන් තමා ඉතින්, ඒවගේද අපිට නිදහසේ කතා කරන්ඩ පුලුවන් නේ.
කොහොම උනත් මන් විතරක් නෙවේ එතන්ට කන්ඩ එන එක්ම couple එක. එතන්ට couples ගොඩක් එනවා කෑම කන්ඩ. ඔන් එදත් අපි යනකොට එතන ඉන්නවා ගොඩක්, අපි ඉතින් කෑම කරල හදන්කම් කතාකර කර හිතියා, අපි ගාවින් තවත් එකක් හිටියා couple එකක්,  අම්මේ බලන්ඩ එපැයි අදරේ, අපි දැක්ක විදිහත නම් එයාල වරදක් කරේ නෑ. වැඩිම උනොත් ඔන්න කරට අත දාන් ඉන්ඩ ඇති. ඔන්න එක පාරට එතන්ට security එකෙන් අවා.

“Excuse me මෙතන ළමයි ඉන්නවා”

ඔන්න ඉතින් අප්සෙට් සීන් එකක්. මට හිතුනේ මෙ රටේ අදරේ කරන්ඩ කොච්චර අමරුද කියලා.

ළමයෙක් ඉස්සරහ අදරේ කරන එක වරදක්ද? ළමයි ඉස්සරහ දෙමව්පියො අදරෙන් ඉන් නැද්ද? ඔයිට වඩා කොච්චර අසභය දේවල් TV එකෙන් පෙන්නනවද?
මන් මෙ කියන දෙන්නා වරැදියට හසිරුනා නම් ඇත්තටම ඒක වරදි. අයේ එකේ කතා දෙකක් නෑ. නමුත් ළමයෙක් අතින් අල්ලන් ඉන්නව දකින එක ආනන්තරිය පාප කර්මයක් ද?

ඇයි මේ තරම් මේ රටේ දෙන්නෙක්ට අදරේ කරන්ඩ නිදහසක් නැත්තේ කියලා හිතුනේ මට. එකේත් කරදර තරුණයන්ට හා කී දෙනෙක් නම් වයසක බැදපු අය අනාචාරේ හැසිරෙනවා දකිනවද? ඇයි එයාලට කිසි  නීතියක් නැත්තේ?

අපි ඉන්නේ 21 සියවසේ, X පරම්පරාවේ අය Y පරම්පරාවේ  අය දිහා මීට වඩා වෙනස් විදිහකින් බැලුවොත් හොද නද්ද?